Friday, May 10, 2024

General line - 0115112241

යාපනයෙන් මුහුදු ගොස් අතරමං වූ ධීවරයින් තිදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණෙයි

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය, නාවන්තුරෙයි ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් දින 2 ක් අතුරුදන්ව සිටි ධීවරයින් තිදෙනා නිරුපද්‍රිතව යළි ගොඩබිමට පැමිණ තිබෙනවා. ඔවුන් ගමන් ගත් බෝට්ටුව කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි යාපනය ධිවර පරීක්‍ෂක කාර්යාලය පවසන්නේ.

පසුව තමන් මුහුද මැද සිටි බවත් බෝට්ටුවේ දෝෂය සකස් කර යළි පැමිණි බවත් ධීවරයින් පිරිස පවසා තිබෙනවා. අතුරුදන් ධීවරයින් සොයා නාවික නිලධාරීන් හා පොලිස් නිලධාරීන් ද මෙහෙයුමක් දියත් කර තිබුණා.