Saturday, July 27, 2024

General line - 0115112241

බෙල්ජියමේ පොලිස් නිළධාරීන්ට ප‍්‍රහාරයක් (VIDEO)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ත‍්‍රස්ත සැකකරුවෙකු විසින් බෙල්ජියමේ ලිජ් නුවරදි එල්ල කල වෙඩි ප‍්‍රහාරයකින් පොලිස් නිළදාරින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ආපන ශාලාවක් අසල රැදි සිටි පොලිස් නිලදාරින් වෙත  සැකකරු ඔවුන්ගේම ගිනි අවියක් උදුරා වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි. 

එසේම අසල නවතා තිබු මෝටර් රථයක් තුල සිටි පුද්ගලයෙකු හටද තුවක්කුකරු වෙඩි තබා තිබෙනවා. ප‍්‍රහාරයෙන් අදාල පුද්ගලයාද ජිවිතක්ෂයට පත්වුණා. අනතුරුව ආසන්නයේ පිහිටි පාසලකට කඩා වැදුනු තුවක්කුකරු එහි සිටි කාන්තාවක් ප‍්‍රාන ඇපයට ගෙන තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. පැය එකහමාරක් පමණ කාලයක් තුල සිදු කල මෙහෙයුමකින් අනතුරුව තුවක්කුකරු ඝාතනය කල බවයි පොලිසිය පැවසුවේ. පාසලේ ආරක්ෂාවද තර කර ඇති අතර කිසිදු සිසුවෙකුට හානියක් සිදුනොවු බව පොලිසිය තහවුරු කලා. 

කෙසේ වෙතත් මෙය ත‍්‍රස්ත කියාවක්ද යන්න මෙතෙක් තහවුරු වි නැහැ. එහෙත් අදාල පුද්ගලයා ඉස්ලාම් වැකි කියමින් නගරය පුරා කෑ ගසමින් ගොස් ඇතැයි ද විදෙස් වාර්තාවන්හි සදහන්. ඔහු මිට සතියකට පමණ පෙර නිදහස ලැබු බන්දනාගාර ගතව සිටි පුද්ගලයෙකු බවද වැඩිදුරටත් සදහන්. සිද්ධියෙන් අනතුරුව අගනුවර ඇතුලූ තදාසන්න ප‍්‍රදේශවල ආරක්ෂාව තරකොට තිබෙනවා. මෙම ප‍්‍රහාරය වාර්තාවුනේ බෙල්ජියම තුල ත‍්‍රස්ත අවදානම ඉහල දමා ඇති පසුබිමක් තුලයි.