Thursday, May 2, 2024

General line - 0115112241

වෛද්‍යවරුන් පවා මවිත වූ අරුම පුදුම ශල්‍යකර්මය

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මාස කිහිපයක් පුරාවට දරුණු උදරයේ වේදනාවකින් පෙළුණු රෝගියෙකුගේ පිත්තාශයේ තිබු " පිත්තාශ ගල්" 4,100 ක් සැත්කමකින් ඉවත් කිරීමට ඉන්දියාවේ නාශික් හි රෝහලක වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වූ බව වාර්තා වනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම පිත්තාශ ගල් වල විෂ්කම්භය 2mm - 4mm අතර වූ බවයි පැවසුවේ. සාමාන්‍යයෙන් රෝගියෙක් ගේ පිත්තාශයේ මෙවැනි ගල් 10-20 ක් අතර ප්‍රමාණයක් හමුවූ අවස්ථාවන් වෛද්‍ය ඉතිහාසයේ වාර්තා වී තිබෙන නමුත් මෙවැනි ආකාරයේ විශාල් පිත්තාශ ගල් ප්‍රමාණයක් සොයා ගනු ලැබූ මුල්ම අවස්ථාව මෙය බවයි වෛද්‍ය අමිද් ශාරද් ප්‍රකාශ කර ඇත්තේ.

රෝගියා ගේ පිත්තාශයේ මෙවැනි විශාල ගල් ප්‍රමාණයක් ඇති වීම පිලිබදව මෙතෙක් හේතුව ආනාවරණය කර ගෙන නැති බවද ඔහු කියා සිටියා.

මේ වන විට ශල්‍යකර්මයෙන් අනතුරුව රෝගියා සුව අතට හැරෙමින් සිටින බවයි වෛද්‍යවරුන් පවසන්නේ.