Thursday, May 2, 2024

General line - 0115112241

අකුණු සහ වැසි හේතුවෙන් ඉන්දියාවේ 48 දෙනෙක් මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වීමත් සමග ඉන්දියාවට බලපෑ හදිසි කාලගුණික විපර්යාසය හේතුවෙන් පසුගිය පැය 48 ඇතුලත පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. 

මින් පුද්ගලයින් 16 දෙනෙකුම මිය ගොස් ඇත්තේ ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශයෙනි. බිහාර් ප්‍රාන්තයෙන් මරණ 19ක් වාර්තා වූ අතර ඉන් මරණ 11ක් අකුණු සැර වැදීමෙන් වූ අතර ඉතිරි පුදගලයින් 8 දෙනා අධික සුළං හේතුවෙන් ඇතිවූ විපත් නිසා මරණයට පත්ව තිබෙනවා.

අකුණු සැර වැදීම්, අධික සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩා වැටීම, බිත්ති පෙරලීම් වැනි සිදුවීම් වලින් පුද්ගලයින් මියගොස් ඇති බවයි වාර්තා වුනේ.

පසුගිය අප්‍රේල් මස පටන් මේ දක්වා ඉන්දියාවට බලපෑ හදිසි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 200 ක් ඉක්මවන බවයි එරට රජය සදහන් කරන්නේ. මියගිය පුදගලයෙකු සදහා ඉන්දීය රුපියල් 400,000 බැගින් ලබා දීමට එරට රජය පියාවර ගෙන තිබෙනවා.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මේ වසරේ මෝසම් වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරෝත්තු වන බවයි. මේ අනුව ඉදිරි කාලයේදී තවත් වැසි අපේක්ෂා කරන බවට ඔවුන් නිවේදනය කර තිබෙනවා.