Thursday, May 2, 2024

General line - 0115112241

සියල්ල සුදානම් : ට්‍රම්ප් හා කිම් ජොන් අතර හමුව ජුනි 12

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු සහ අමෙරිකානු සමුළුව පෙර නියම කර ගනු ලැබූ දිනය වන ජුනි 12 වෙනිදා පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ධවලමන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩරස් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර වසර 20 කට පසුව උතුරු කොරියානු නියෝජිතයෙක් අමෙරිකාවේ සංචාරයක යෙදුනා. ඒ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයි සමග ද්වි පාර්ශවික සාකච්ජා පැවැත්වීමටය. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගේ විශ්වාසවන්තම රාජ්‍ය නිලධාරියෙක් වන කිම් යොන්ග් චෝල් මෙම සාකච්ජාව සදහා පැමිණි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් සනාථ කර සිටියා.

ධාවලමන්දිර ප්‍රකාශිකාව ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී සදහන් කර ඇත්තේ දෙරටේ රාජ්‍ය නිලධාරින් අතර පැවති සාකච්ජා සුබදායිව පැවති බැවින් ජනපති ට්‍රම්ප් සමුළුවේ ඉදිරි වැඩකටයුතු සදහා සුදානම් එන ලෙස සිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර ජුනි 12 වනදා සිංගප්පුරුවේ පැවැත් විමට නියමිත උතුරු කොරියානු- අමෙරිකා රාජ්‍ය නායක සමුළුව සදහා දකුණු කොරියානු ජනාධිපතිවරයාද සහභාගී වීමට නියමිතයි.

මිට දින කිහිපයකට ජනපති ට්‍රම්ප් විසින් තමන් මෙම සමුළුවට සහභාගී නොවන බවට දැන්වීමෙන් අනතුරුව යලි උතුරු කොරියාව සමග සහ අමෙරිකාව  සාකච්ජා පවත්වා පැවති අනවබෝධය නැතිකිරීම සදහා මාදිහත්කරුවෙක් වශයෙන් කටයුතු කලේ ද දකුණු කොරියානු ජනාධිපතිවරයායි.