Saturday, July 27, 2024

General line - 0115112241

ගැබිණි කාන්තාවක් හා සිව් හැවිරිදි දැරිය දුෂණය කළ අයට ලැබුණු දඬුවම (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




ගැබිණි කාන්තාවක් හා ඇයගේ සිව් හැවිරිදි දියණිය දුෂණය කළ පුද්ගලයෙකුට කෝපයට පත්වූ ගම්වැසියන් එක්ව සිදුකළ පහර දීමක් හේතුවෙන් මිය යාමේ සිද්ධියක් උතුරු කොලොම්බියාවෙන් වාර්තා වනවා. 

සිදුවීම දැනගත් විගස දුෂණය සිදුකළ පුද්ගලයා වට කර ගත් ගම්වැසියන් ඔහුට දරුණු ලෙස පහර දී තිබෙනවා. පොලිසිය පැමිණ අහසට වෙඩි තබා මහත් පරිශ්‍රමයක් දරා රැස්ව සිටි පිරිස් ඉවත් කර බරපතල ලෙස තුවාල ලබා සිටි ස්ත්‍රී දුෂකයාව රෝහලට ඇතුළත් කළ අතර පහරදීම් හේතුවෙන් පසුව ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා.

බෝකා ඩි පෙරෝ නම් සැකකාර පුද්ගලයා මෙම ගැබිණි කාන්තාව සහ ඇයගේ සිවු හැවිරිදි දියණියට අමතරව තවත් කාන්තාවන් සිවු දෙනෙක් දුෂණය කර ඇති බවයි සිද්ධිය ගැන විමර්ෂණය සිදුකරන පොලිස් නිලධාරින් අනාවරණය කරගෙන තිබෙන්නේ. 

ගම්වැසියන් පවසන්නේ මෙම පුද්ගලයා ගැන පොලිසියට මිට පෙරද දැනුම් දුන්නත් ඒ ගැන ඔවුන් කිසිදු පියවරක් නොගත් බවයි. ඒ හේතුවෙන් ගම්වැසියන් මේ ආකාරයෙන් පහරදුන් බවයි.