Monday, May 13, 2024

General line - 0115112241

ගවර්ස්කෝප් සමාගමෙන් ලක්ෂ 30ක් ලැබුණා! අවස්ථා 05කදී ආපසු දුන්නා! නාමල්ගේ ගවර්ස් කෝපරේට් නඩුවේ සාක්ෂි කරුවකු කියයි




අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික  සමාගම හරහා විශුද්ධීකරනය කළේ  යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට  එරෙහිව පවතින නඩුවේ සාක්ෂි විභාගය දෙවන වරට අද (30) කොළඹ මහාධිකරණයේදී ආරම්භ වුණා. 

එහිදී බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල සාක්ෂි ලබා දෙමින් ඉංදික කරුණාජීව යන අය පැවසුවේ තමාට රුපියල් 30ක චෙක්පතක් ලබා දුන් බවත් එහිදී හොර සල්ලි මාරු කරන්න ගිහින් තමා අමාරුවේ වැටෙන බවට තමා කල්පනා කළ බවත්ය. එසේ තමාට ලැබුණු චෙක්පත් මුදල් කර බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ ගිණුමට බැර කළ පැවසුවා.

පසුව ගවර්ස් කෝපරේට් සමාගම විසින් එවා තිබූ ඉන්වොයිස් පත්‍ර පහක් මගින් ඉල්ලා සිටි පරිදි අවස්ථා පහකදී එම මුදල් නැවත  ගවර්ස් කෝපරේට් සමාගම වෙත ගෙවීම් කළ බව සාක්ෂිකරු පැවසුවා. තම සමාගම මෙගා වෝට් 100 ක සුළං විදුලි බලාගාරයක් ව්‍යාපෘතියක් ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගවස් කෝපරේට් සමාගමෙන් ලබා ගත් සේවාවන් සඳහා වූ බවට සඳහන් ඉන්වොයිස් පත් සඳහා එම මුදල් අවස්ථා පහකදී ගෙවූ බව සාක්ෂිකරු පැවසුවා. එවැනි ව්‍යාපාරික ගණුදෙනුවකට තම සමාගම කිසි අවස්ථාවකදී සම්බන්ධ නොවුණු බව සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියා.

අද දින  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ල සුජානි බොගොල්ලාගමල ඔනෙලා ඉරේෂා ද සිල්වා  සහ  නිත්‍යා සේනානි යන අය මහාධිකරණයේ පෙනී සිටියා.

වැඩිදුර සාක්ෂි විමසීම හෙටට කල් තබන ලදී. හෙට දින සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතය.