Monday, May 13, 2024

General line - 0115112241

කතානායකවරයා වහාම ක්‍රියාත්මක වියයුතු වැඩක් ජී එල් පෙන්වයි

ලහිරු කපුගේ/ පසන් වික්‍රමතිලක




පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට සම්බන්ධ වෙනත් සමාගම් සමග සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජිකයින් එම කමිටුවෙන් ඉවත් කිරීමට කථානායකවරයා වහාම ක‍්‍රියාත්මක විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඒබව පැවසුවා. එසේ නොකළහොත් කෝප් කමිටුවේ විශ්වාසය පළුදු වන බවයි මහාචාර්ය ජී එල් පීරිස් මෙහිදී පෙන්වා දුන්නේ. 

ඒකාබද්ධ විපක්ෂය මීට පෙර කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කළද ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ කියා සිටියේ.