Sunday, May 19, 2024

General line - 0115112241

මාදුළුවාවේ හිමියනි දෙවි කෙනෙක් වෙලා බලන්න ! දින 100 මහ මෝඩ වැඩක්! ජනපතිගෙන් ආන්දෝලනාත්මක කතාවක් (VIDEO)




තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගැනීම හේතුවෙන් රටට අහිතකර තීන්දු රැසක් ගැනීම වැළකී ගිය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අතිපූජ්‍ය මාදුලූවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී අනුශාසනාවක් කළ පූජ්‍ය මුගුණුවටවන සිද්ධන්ත නාහිමියන් පැවසුවේ ජනාධිපතිවරයා එක්තරා සංවිධානයක නායකත්වය භාරගත්තාට පසු ආණ්ඩුව නමැති රොටිය ඇට්ටුකුණා වනු ඇතැයි තමා හා පැවසුව බවය. 

ඉන් අනතුරුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැමරුම් උත්සවය ඇමතුවේ මෙලෙසයි.

දින සියයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී විවේචනාත්මකව අදහස් පළ කළා. එය මෝඩ වැඩක් ලෙසයි ඔහු හඳුන්වා දුන්නේ. මාදුලුවාවේ සෝභිත හිමියන් දෙවි කෙනෙක්ව මේවා දකීවායැයිද ජනාධිපතිවරයා පැවසුවා.