Sunday, May 19, 2024

General line - 0115112241

වෙනස් වූ ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද නිකුත් කෙරේ

ඉෂාර සුපෙම් මානගේ




රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද (31) ප්‍රකාශයට පත් කිරීමන නියමිතව තිබෙනවා.

කොළඹ අලුතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා  ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කිලෝමීටර 2කින් වැඩි වී ඇතැයි මිණුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත සඳහන් කරනවා.

එමෙන්ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කොට තිබෙනවා.

නව ශ්‍රී ලංකා සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මස මැදභාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව ද මිණුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත පවසනවා. එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැකියි.