Sunday, May 12, 2024

General line - 0115112241

පාසල් යමින් සිටි දැරියක් වනලැහැබට ඇදගෙන ගොස් අතවර කළ සෙබළෙක් අත්අඩංගුවට

ඉන්දික අරුණ කුමාර




නාඋල පොලිස් වසමේ හපුගස්යාය ගම්මානයේ දි වයස අවුරුදු එකොලහක(11) පාසල් දැරියක් අපයෝජනයට ලක්කළ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසනවා. දැරිය ඊයේ (30) පාසල් යමින් සිටියදී අසළ පිහිටි ළඳු කැලෑවකට ඇදගෙන ගොස් අතවරකර ඇති බව ඇගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

බෝගස් ගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ හය (06) ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය අපයෝජනයට ලක්කර ඇති හමුදා සෙබළා 19 වන ගජබා රෙජිමේන්තුවට අයත් අවුරුදු 24 ක අවිවාහක අයෙක් බව පොලිසිය පවසනවා. අපයෝජනයට ලක්වු දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමුකර තිබේ.

සැකකරු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධීය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.