Monday, May 6, 2024

General line - 0115112241

අවුරුදු 20ක් හිරේ ඉන්න මිත්තනිය මුදා ගන්න "ලෝ ප්‍රකට සරාගී නිළිය" ධවල මන්දිරයේදීම ට්‍රම්ප් හමුවෙයි!

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක ප‍්‍රකට සරාගී නිළියක් වන කිම් කාඩේෂියන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හමුවී තිබෙනවා. ඒ ධවල මන්දිරයේදීයි.

විදෙස් වාර්තා පැවසුවේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව දශක දෙකක කාලයක් පුරා සිරගතව සිටින සිය මිත්තණියකට නිදහස ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි. මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වරදකාරියක විම හමුවේ කිම් ඇලිස් මාරි නම් ඇය මෙලෙස සිර දඬුවම් ලබමින් සිටිනවා.

ඇයට නිදහස ලබා දෙනවාද නැද්ද යන්න මෙතෙක් ප‍්‍රකාශ වී නොමැති නමුත් ජනාධිපති ට‍්‍රම්ප් පවසන්නේ කිම් කාඩේෂියන් හමුවීම වැදගත් අවස්ථාවක් බවයි.