Monday, May 6, 2024

General line - 0115112241

සිංහයින් හා කොටින් සිවු දෙනෙක් සත්තු වත්තෙන් පැන යයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිංහයින් දෙදෙනෙක්, කොටින් දෙදෙනෙක් සහ ජගුවර් සත්වයෙක් සත්ව උද්‍යානයෙන් පැන යාම නිසා ප්‍රදේශවාසීන්ට විමසිලිමත්ව සිටින්නැයි ජර්මනියේ පොලිසිය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

බටහිර ජර්මනියේ සත්ව උද්‍යානයකින් මෙම සත්වයින් පැන ගොස් ඇති බවයි සත්ව උද්‍යානයේ භාරකරුවන් පවසන්නේ. මෙම සත්වයින්ට අමතරව පැන ගිය එක් වලසෙක්ටවෙඩි මරා දැමු බව ජර්මනි පොලිසිය සදහන් කරනවා.

මෙම සත්ව උද්‍යානය පෞද්ගලික හිමිකරුවෙක්ට අයිති එකක් බවයි වාර්තා වන්නේ.

පැන ගොස් ඇති සත්වයින් මාරාන්තික හෙයින් සත්ව උද්‍යානය පිහිටි බටහිර ජර්මනියේ, ලුයින්බිචි ප්‍රදේශයේ හා එයට ආසන්න ලක්සම්බර්ග් සහ බෙල්ජියමේ දේශසීමාව ආසනන්යේ සිටින නිවැසියන්ට සිය නිවෙස් වලට වී සිටින්නයිද බලධාරීන් විසින් උපදෙස් නිකුත් කර තිබෙනවා.