Tuesday, May 7, 2024

General line - 0115112241

VISA ගෙවීම් බිඳ වැටෙයි

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බි‍්‍රතාන්‍ය ඇතුළු යුරෝපා රටවල වීසා කාඩ්පත්වලින් සිදුකරන ගෙවීම් බිඳ වැටී තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ යුරෝපය පුරා පාරිභෝගිකයින් ට්විටර් ගිණුම් හරහා කාඞ්පත් ගෙවීම් ප‍්‍රතික්‍ෂේප වන බවටද පැමිණිලි කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම බිද වැටීම කෙසේ සිදුවී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

යුරෝපයේ බැංකු විසින් සිය පාරිභෝගිකයින්ට දැනුම් දී ඇත්තේ ඒ ටී එම් යන්ත‍්‍ර භාවිත කර මුදල් ආපසු ගැනීම් සිදුකරන ලෙසයි. කෙසේවෙතත් පවතින දෝෂය හදුනාගෙන වීසා ගෙවිම් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විසා ආයතනය පැවසුවේ.