Tuesday, May 14, 2024

General line - 0115112241

දැරියක් පැහැරගෙන ගොස් විකිණු බව කියන නගර සභා සභාපති සහ නාගරික මන්ත්‍රි රිමාන්ඩ් (UPDATE)




වයස අවුරුදු 05ක් පමණ වූ දැරියක් පැහැර ගෙන ගොස් මුදලට විකිණීම සම්න්ධයෙන් චෝදනා ලබා සිටින තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල සහ තවත් තුන් දෙනෙකු ලබන 11වනදා දක්වා අද (04) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ නුවරඑළිය, මහේස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් අනුවයි. අත්අඩංගුවට ගත් සෙසු අය අතර තලවාකැලේ ලිඳුල නගර සභාවේ මන්ති‍්‍රවරයෙකු වන ඉෂාර අනුරුද්ධ මංචනායකද සිටිනවා. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් දැරියගේ මව සහ දැරිය මුදලට ලබා ගත් බව කියන අඹු සැමි යුවළද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අධිකරණයට හෙට ඉදිරිපත් කෙරෙනවා.
 

------------------------------------------------------

නගරසභා සභාපති සහ නාගරික මන්ත්‍රි අපරාධයකට කොටු වෙයි 

04-06-2018 18:49

වයස අවුරුදු 05ක් වූ ගැහැණු දරුවෙකු පැහැරගෙන ගොස් විකිණීම සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභා සභාපතිවරයෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය 2017 වසරේදී පෝර්ට්මන් වත්ත, ආගරපතන ප්‍රදේශයේ පදිංචිව සිටියදී සැකකරුවන් වූ තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති වන අනගිපුර අශෝක සේපාල, එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වන පහල විතානගේ ඉෂාර අනුරුද්ධ මංචනායක සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු මෙම අපරාධය සිදු කොට තිබෙනවා.

ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (04) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.