Tuesday, May 14, 2024

General line - 0115112241

පුතාගේ බිරිඳට බලහත්කාරකමක් කළ සිද්ධියකට බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අධිකරණයට

අධිකරණ වාර්තාකරු




නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ ඔහුගේ දියණිය ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අද (04) නියෝග කළා.

ඒ අද ඔවුන් ස්වේච්ඡාවෙන්ම අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. ඒ අනුව සැකකාරියන් රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

මෙම සැකකාරියන් දෙදෙනා රෝහිත බෝගොල්ලාගමගේ පුතනුවන්ගේ බිරිඳට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියා. කෙසේවෙතත් එම කාන්තාව සිර කර තබා ගත් බවට සාක්ෂි අනාවරණය නොවන බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
 
ඒ අනුව රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ වන දීප්ති බොගොල්ලාගම සහ දියණිය වන දිල්හානි බොගොල්ලාගම යන අය ඇප මත මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෝගොල්ලාගමගේ පුත්‍රයාගේ බිරිඳ වන ගයාත්‍රී නිරංජනා සිරිවර්ධන කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.