Tuesday, May 14, 2024

General line - 0115112241

"අනාගතයේ දවසක වර්තමානයේ මාධ්‍ය නිදහස ගැන යළිත් සිහිපත් කිරීමට සිදුවනු ඇති" - එජාප මහ ලේකම් මාධ්‍යවේදීන්ට කියයි  




අනාගතයේ දවසක වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස පිළිබඳව යළිත් සිහිපත් කිරීමට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය  මෙහෙයුම් ඒකකය සමාජගත කිරීම සඳහා අද (04) සිරිකොත මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගිවෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන්  කළා.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පෙන්වා දුන්නේ ඉහළ මට්ටමේ වැඩසටහන් රැසක් රජය ක්‍රියාත්මක කළ ද ඒ සම්බන්ධයෙන් ජනතාව නිසිලෙස දැනුවත් කිරීමට මාධ්‍ය අපොහොසත්ව ඇති බවයි.