Tuesday, May 14, 2024

General line - 0115112241

රත්නපුර නිවිතිගල මාර්ගයේ පාලමක් මතින් යාම තහනම් කෙරේ




රත්නපුර නිවිතිගල ප‍්‍රධාන මාර්ගයේ කම්බිදොළ පාලම හරහා වාහන ධාවනය අත්හිටුවා තිබෙනවා. ඒ, එම පාලම ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන්. 

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියුදරන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ සති දෙකක් පමණ ඇතුළත පාලම අලූත්වැඩියා කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි. එම පාලම මීට වසර සියයකට පමණ පෙර බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ඉදි කරන ලද්දක්.