Tuesday, May 14, 2024

General line - 0115112241

මම පර්පචුවල් සල්ලි ගත්තේ නැහැ - ඕන්නම් පර්පචුවල් එකටත් සල්ලි දෙන්න මට පුළුවන්

සමන් විජය බණ්ඩාර




එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබිර් හෂිම් පර්පචුවර් සමාගමෙන් සල්ලි ගත්තේ නැහැ කියා පුළුවන් නම් ප‍්‍රසිද්ධියේ පවසන්නැයි දකුණු පළාත් සභාවේ හිටපු එ.ජා.ප මන්ත‍්‍රී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත‍්‍රී ගුණරත්න විසින් ඊයේ (03) මාධ්‍ය හමුවකදි සිදු කරන ලද චෝදනාවකට අද 04 කබිර් හෂිම් මහතා විසින් මාවනැල්ල එජාප කාර්යාලයේදි පිළිතුරු ලබා දුන්නා.

එහිදි එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වු උසස් අධ්‍යාපන මහා මාර්ග අමාත්‍ය කබිර් හෂිම් මහතා මෙසේ අදහස් දක්වන ලදි.

"මෛත‍්‍රී ගුණරත්න අද (04) ජාතික පුවත් පතක් හරහා චෝදනාවක් කරලා තිබෙනවා. මෛත්‍රී කියන නම අහනකොටත් මම නමටත් ගොඩාක් ආසයි. නමුත් මෙ මෛත්‍රී ගුණරත්න මහත්තයා ලොකු වෛරයකින් කථා කරන්නේ කුමකටද ? කියලා මම කල්පනා කළා. එතුමා සහ එතුමාගේ කණ්ඩායමක් විපක්ෂයේ ඉන්න කාලේ මහින්ද මහත්තයාට කඩේ යන්න එකතු වෙලා ස්වාධීන කණ්ඩායම් දාලා එක්සත් ජාතික පක්ෂය පරද්දන්න විවිධ උපක‍්‍රම යොදවලා උත්සාහ කළා. 

මම හිතනවා එයාට අදහසක් තිබුණා එජාපයේ බලය අල්ලාගෙන පක්ෂයේ මහ ලේකම් වෙන්නද කොහෙදෝ. එයාට ඒ සිහිනය සැබෑ කරගන්න බැරි විමට මම පළි නැහැ. මම මෙ පක්ෂයේ තනතුරු සකස් කරගන්න කියලා හිතලා මේ පක්ෂයට වැඩ කළේ නැහැ. මට තනතුරක් දුන්නාම එකේ වගකිම තමයි මම ඉටු කළේ. තනතුරෙන් යන්න කියන කොට මම මහත්තයෙක් වාගේ තනතුරෙන් අයින් වෙලා ගියා. මම පක්ෂයට ආදරය කරනවා එහි ප‍්‍රතිපත්ති වලට පෙනි සිටිනවා. ඒ නිසා මෙ අය ගල් ගහනකොට හොඳට හිතලා ගල් ගහන්න ඕනෑ. මෛත‍්‍රී ගුණරත්න මහත්තයා කියලා තිබුණා මම පර්පචුවර් සමාගමෙන් මුදල් අරන් තියනවා කියලා. මම කියන්න කැමැතියි මට මෙ දේශපාලනය කරන්න මට එක එක කොමිපැණි වලින් සල්ලි ගන්න ඕනෑ නැහැ. මාගේ තාත්තාලා අම්මලා හම්බ කරලා තිබෙන දේපොල වලින් මට ඕනෑ නම් පර්පචුවර් සමාගමට කියයක් හරි දෙන්න පුළුවන්." 

මට මේකේ හන්ගන්න දෙයක් නැහැ. ඒ නිසා එතුමා කරපු චෝදනාව මම සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂප කරනවා. මම ඥාතියෙක් හරහා මුදල් ගත්තෙත් නැහැ" යැයි මාධ්‍යවේදියෙක් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවා.