Wednesday, May 15, 2024

General line - 0115112241

ලඟදීම විදුලි බිලත් ඉහළට - ජී.එල්ගෙන් හෙළිදරව්වක්

ඩිල්ෂාන් මඩවල




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ණය වාරිකය ලබා ගැනීම සඳහා ආණ්ඩුව රටට අහිතකර තවත් පොරොන්දු කිහිපයක් ලබා දී ඇතැයි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. ඒ අනුව විදුලි බිල ද ළඟදිම වැඩි කෙරෙනු ඇති බවයි ඔහු කියා සිටියේ. 

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 252 ක ණය වාරිකය අරගන්න කොන්දේසි කිහිපයකට එකඟ වෙලා ඉවරයි. දැනටම තෙල් මිල ඉහළ දාලා. ඉදිරියේදී විදුලි බිලත් ඉහළ දමනවා." යැයි කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.