Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රීලනිප නව නිලධාරීන් වැඩ බාර ගනී - ඉදිරි අරමුණ මෙන්න

ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ තාවකාලික ජාතික සංවිධායකවරයා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක අද වැඩ භාර ගත්තා. ඒ, ඩාලි පාරේ පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදීයි.

දේශපාලන පක්ෂයක වරින්වර ඇතිවන බෙදීම් එම පක්ෂයේ පැවැත්මට බාධාවක් නොවන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙහිදී කියා සිටියා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේද එවැනි බෙදීම් අද මෙන්ම මීට පෙර ද පැවැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍ය දුමින්ද දිසානායක ද මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (03) දිනයේදී කෑලිවලට කැඩෙනතෙක් පිරිසක් බලා සිටි බවය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි පක්ෂයක් නොවන බවයි ඔහු අවධාරණය කළේ. 

"2020දී මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරයා බවට පත්කරනවා.  අපේ අරමුණ පළාත් සභා, ජනාධිපතිවරණය, මහ මැතිවරණය කියන සියළු මැතිවරණ වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමයි."

 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වි සිටියා. අමාත්‍ය දුමින්ද දිසානායක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීම දැඩි සේ විවේචනය කළ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාද ඔවුන්ගෙන් කෙනෙක්. හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස් බී දිසානායක ද මීට සහභාගීව සිටියා.