Wednesday, May 15, 2024

General line - 0115112241

අධිකරණය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නේ නැහැ - උසාවියෙන් එළියට ආ රංජන් කියන කතාව (VIDEO)

ඩිල්ෂාන් මඩවල




අධිකරණය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප‍්‍රශ්ණගත ප‍්‍රකාශය කිසිසේත් ඉල්ලා අස්කර නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක නැවත කියා සිටියා. ඒ, එම ප‍්‍රකාශය පිළිබඳ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද නැවත සලකා බැලීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. 

මේ අතර  රංජන් රාමනායකගේ අදාළ ප‍්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි බැලූ බැල්මට පෙනීයන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා ඇත්තේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය නීතිපතිවරයා විසින් නිරීක්ෂණයට ද ලක් කළ බවයි. 

සිද්ධියට අදාළ නඩුව ජූනි 18 වනදා යළි කැ`දවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.