Wednesday, May 15, 2024

General line - 0115112241

"මිනිසා සහ සොබාදහමේ බැඳීම බලවත් ලෙස පළුදු කළා" - ජනපතිගේ ජගත් පරිසර දින පණිවුඩය




මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි මස 05 වැනිදාට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම ඊයේ (04) පෙ.ව 10.00 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්වුණා.

“ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු” යන්න මෙවර පරිසර දිනයේ තේමාව වන අතර, පසුගිය මැයි 30 වැනිදා සිට ජූනි 05 වැනිදා දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර විවිධ වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නංවා තිබෙනවා.

ජගත් පරිසර දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ විශේෂ පණිවුඩය මෙසේයි.