Wednesday, May 15, 2024

General line - 0115112241

නියෝජ්‍ය කතානාය ධූරයට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කරන නම සාකච්ඡා කරයි

පසන් වික්‍රමතිලක




නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එ් සඳහා මේ වනවිට දේශපාලන පක්ෂවලින් නම් කිහිපයක්ම යෝජනා වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඊට යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආනන්ද කුමාරසිරියි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අංගජන් රාමනාදන් යෝජනා කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් නියෝජ්‍ය කථානායක ධූරය සඳහා යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේයි.

කෙසේ වෙතත් සිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද උදෑසන රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අයෙකු යෝජනා කරන බවයි එ්කාබද්ධ විපක්ෂය පැවසුවේ. පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මේ බව සඳහන් කළා.