Tuesday, May 14, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලය නගරයේ නිදැල්ලේ සැරිසරන මුවන් (PHOTO)

අමදෝරු අමරජීව 




ත්‍රිකුණාමලය නගරයේ නිදැල්ලේ සැරිසරණ මුවන්ට සිදුවන අනතුරුවලින් එම සතුන් රැකගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව ත්‍රිකුණාමලය නගරාධිපති නාගරාසා රාසනායගම් පවසනවා.

ඒ අනුව මුවන් සඳහා උද්‍යානයක් ඉදිකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

කලක් පටන් ත්‍රිකුණාමලය කොටු පවුර කේන්ද්‍ර කරගනිමින් ජිවත් වන මුවන් විවිධ අනතුරු නිසා මිය යන අතරම ආහාර හා වාසස්ථාන අහිමිව යෑමේ ප්‍රවනතාවයක්ද පවතිනවා.

නගරයේ අලංකාරයට වටිනා සම්පතක් බවට පත් වි ඇති මෙම මුව ගහනය රැක ගැනිම සඳහා ජල පොකුණ හා තෘණ වර්ග සහිත උද්‍යානයක් කොටුව පාරේ සංඝමිත්තා විශ්‍රාම ශාලාවට යාබද ඉඩමේ ඉදිකිරිමට නියමිතයි.

ත්‍රිකුණාමලය තොග එළවළු වෙළදපොලේ ඉවතලන එළවළු සතුන්ගේ ආහාරය සඳහා ලබාදීමේ ක්‍රමවේදයක් දියත් කරන බවද නගරාධිපතිවරයා තවදුරටත් පැවසුවා.