Tuesday, May 14, 2024

General line - 0115112241

එජාපයේ "සත්‍යය" එළිදකී




එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක එක්සත් ජාතික පක්ෂ මූලස්ථනයේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු ඊයේ (04) ආරම්භ කෙරුණා.

එම අවස්ථාවට එජාප මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක් එක්වුණා.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකයේ ප්‍රධානී, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු "සත්‍යය" වැඩසටහනේ පිටපතක් ජනමාධ්‍ය සහ මුදල් ඇමැති මංගල සමරවීර වෙත පිරිනැමුවා.