Wednesday, May 15, 2024

General line - 0115112241

සමලිංගික ඇසුර දුරදිග ගිය හැටි

රවින්ද්‍ර විරාජ් අබයසිරි




මාතලේ නගරයේ අවන්හලක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමක් දුරදිග යාමෙන් ඇතිවු පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුළත් කර තිබෙනවා.

මාතලේ වාලවෙල හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 හා 24  වයසැති මෙම තරුණයින් දෙදෙනා වසර දෙකකට පමණ පෙර එක් තරුණයෙකුගේ දුරකථනයකට පැමිණි කෙටි පණිවිඩයක් හේතුවෙන් දැන හදුනාගෙන මාස ගනනක් දුරකථනයෙන් කථාබහ කර ඇති කරගත් හිතවත් කම සමලිංගික ඇසුරක් බවට පත්ව ඇති බවට පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරික්ෂණයන්ගෙන් අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

මෙම තරුණයින් දෙදෙනා විටින් විට ඔවුන්ගේ නිවෙස්හි දින ගණන් නැවතී මිතුරන් ලෙස ආශ්‍රය කර ඇති අතර පසුගිය වසරේදී මෙම තරුණයින් දෙදෙනා මාතලේ නගරයේ ප්‍රධාන සිල්ලර බඩු වෙළඳසැලක සේවයට එක්වී එහි නැවතුම්පලහි නතර වී සේවය කර තිබෙනවා.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු එහි සේවයෙන් ඉවත්වී විදේශ ගතවීමට තීරණය කර ඇති අතර එම තීරණයට උරණවු අනෙක් තරුණයා අත්‍යාවශ්‍ය කරණයක් කීමට ඇති බව පවසා අවසන් වරට ඔහුව හමුවන ලෙස ඉල්ලිමක් කර තිබුණා.

එම ඉල්ලීමට අනුව මාතලේ නගරයට පැමිණි අදාළ තරුණයා සමග මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයේ අවන්හලක කාමරයක දෙදෙනාම නතරවී තිබෙනවා. එහිදී විදේශ ගතවීමට ගත් තිරණය සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක් අයෙක් අනෙකාට පිහිඇණුමක් සිදු කර තිබෙනවා.

මොවුන් දෙදෙනොගෙන් එක් අයෙකුගේ ඇඳුම් බෑගයේ සඟවා තිබු වස බොතලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.