අදට යෙදී ඇති ලෝක පරිසර දිනය සැමරීමට සිදුව ඇත්තේ නකල්ස් කඳු පන්තියේ අක්කර 21,000ක් පුද්ගලික සමාගම්වලට පවරා දිමේ උත්සහයක් පවතින පරිසරයක් තුළ බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් නීතීඥ කපිල ගමගේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේබව කියා සිටියා.
රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවීම සඳහා ගෙන ඒමට යෝජිත පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ද මෙහිදි තොරතුරු අනාවරණ කෙරුණා.