Thursday, May 2, 2024

General line - 0115112241

හැරී මේගන් යුවළගේ ඡායාරූපයක් රැජිණගේ අණින් ඉවතට (PHOTOS)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝකයේම අවදානය දිනා ගනිමින් විවාහ දිවියට එළඹි බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් ආදිපාදවරියගේ ඡායාරූපයක් බකින්හැම් මාලිගයෙන් ඉවත් කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මාලිගයේ පිහිටි විශේෂ අමුත්තන් පිළිගැනීමේ කාමරයේ තිබූ ඡායාරූපයක් මෙලෙස ඉවත් කර ඇති බවත් එය සිදු කර ඇත්තේ දෙවන එලිසබෙත් රැජිණ විසින් බවත් විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

හැරී කුමරුගේ සහ මේගන් කුමරියගේ මෙතෙක් ප‍්‍රසිද්ධියට පත් නොකළ ඡායාරූපයක් ඉකුත් සතියේදී මෙම අමුත්තන් පිළිගැනීමේ කාමරයේ තබා තිබෙනවා. එහෙත් දින කිහිපයක් ඇතුළත සිදුවූ දෙවන එලිසබෙත් රැජින හා ස්කෝට්ලන්තයේ කීර්තිමත් සංගීතඥ තියා මස්ග්රේව්ගේ හමුවේදි එම ඡායාරූපය අදාළ ස්ථානයෙන් ඉවත් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඒ වෙනුවට විලියම් කුමරුගේ සහ හැරී කුමරුගේ ඡායාරූපයක් අදාළ ස්ථානයේ තබා ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

බකින්හැම් මාලිගයේ පිහිටි දෙවන එලිසබෙත් රැජිනට අයත් මෙම අමුත්තන් පිලිගැනීමේ කාමරයේ ඇති ඡායාරූප නිරන්තරයෙන් වෙනස්කම් වලට ලක් වනවා. ඒ අනුව රැජිනගේ සිත දිනූ ඡායාරූප පමණක් එම කාමරයේ තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.