Thursday, May 2, 2024

General line - 0115112241

ලොවම බලා සිටියදී ට‍්‍රම්ප් සහ කිම් ජොන් සිංගප්පූරුවට

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව සහ උතුරු කොරියාව අතර පැවැත්වෙන ඓතිහාසික සමුළුවට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මේවනවිට සිංගප්පූරුවට පැමිණ සිටිනවා. 

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එරට චැන්ගි ගුවන් තොටුපළේදී උතුරු කොරියානු නායකයා පිළිගත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. උතුරු කොරියානු නායකයාගේ පැමිණීමත් සමග සිංගප්පූරුවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම ඓතිහාසික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද සිංගප්පූරුවට ළඟා වූයේ අද පස්වරුවේයි. ඔහු මෙලෙස පැමිණෙන්නේ ලෝක නායකයින්ගේ විවේචනය මැද ජී හත සමුළුව අවසන් කරමින්. 

සමුළුවට පෙර දෙරටේම නායකයින් සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ලොවම බලා සිටින අමෙරිකානු - උතුරු කොරියානු නායකයින්ගේ පළමු හමුව සිංගප්පුරුවේ සැන්තෝසා දුපතේදී අනිද්දා (12) සිදු වන්නේ මාස 18ක් පුරා දෙරට අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙසයි.