Thursday, September 19, 2024

General line - 0115112241

සුපිරි පුටු 04ක් ලැබෙන්න යන පැරදුණු ඇමති 04 මෙන්න



පැවති මහ මැතිවරණයෙන් පරාජය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට නව තනතුරු ලබා දීමට සූදානමක් ඇතිබව පැවසෙනවා.

මේ හිටපු අමාත්‍යවරුන් වන්නේ තිස්ස කරල්ලියද්ද, පියසේන ගමගේ මහත්වරුන්ය. හේමාල් ගුණසේකර, ලලිත් දිසානායක යන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාටද නව තනතුරු හිමිවනු ඇතිබවයි පැවසෙන්නේ.

දැනට සිටින පළාත් ආණ්ඩුකාරවරු කිහිප දෙනෙක් සහ ආණ්ඩුකාරවරියක් ඉවත්කොට මෙම පිරිස ඒ සඳහා පත්කිරීමට යනබවයි පැවසෙන්නෙ.