Friday, May 17, 2024

General line - 0115112241

ඉතියෝපියානු අගමැතිවරයා සහභාගිවූ රැලියට එල්ලවූයේ අත්බෝම්බයක් : 86 කට තුවාලයි (UPDATE)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉතියෝපියානු අගමැතිවරයා සහභාගිවූ ජන රැළියක් ඉලක්ක කර ගනිමින් අද (23) එල්ලවූ ප්‍රහාරය අත්බෝම්බයක් පිපිරී යාමකින් සිදුවූ බව BBC පුවත් සේවය වාර්තා කරනවා. 

එම ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඉතියෝපියානු අගමැති අබී අහමඞ් කියා සිටියේ එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් සිද්ධියෙන් විශාල පිරිසක් මිය යන්නට ඇති බවයි.

නමුත් අවසානයේදී ඉතියෝපියානු අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ෆිට්සුම් අරේගා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එම ප්‍රහාරය අත්බෝම්බයක් පිපිරීමෙන් සිදුවූ බවත් තුවාල ලැබූ පුද්ගලයින් 86 දෙනෙක් සිටින බවයි. 

........................................................................................................................................................................

ඉතියෝපියානු අග‍්‍රාමාත්‍යවරයා ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්  

(23-06-2018 16:08)

ඉතියෝපියාවේ නව අග‍්‍රාමාත්‍ය අබී අහමඞ් සහභාගී වූ ජන රැළියක් ඉලක්ක කර අද (23) මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා. ප‍්‍රහාරය එල්ල වීමත් සමග ආරක්ෂක අංශ විසින් අග‍්‍රාමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

ප‍්‍රහාරය හමුවේ රැළියට සහභාගී වී සිටි පුද්ගලයින රැසක් ජීවිතක්ෂයට පත්වූ බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා. රැළියට සහභාගී වී සිටි පුද්ගලයෙකු තමන් සතුව තිබූ බෝම්බයක් පුපුරුවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අබී අහමඞ් ඉතියෝපියාවේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණේ ඊයේ (22) දිනයේදීයි.