Thursday, May 2, 2024

General line - 0115112241

සිම්බාබ්වේ ජනාධිපතිවරයා ඉලක්ක කර බෝම්බ ප‍්‍රහාරයක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිම්බාබ්වේ රාජ්‍යයේ බුලාවායෝ නගරයේ පැවැති ජන රැළියක් ඉලක්ක කර අද (23) බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා. විදෙස් වාර්තා පැවසුවේ ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එරට ජනාධිපති එමර්සන් මන්ගග්වා ද එම රැළියට සහභාගී වී සිටි බවයි. 

රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති මන්ගග්වා වේදිකාවෙන් පිටවයනවාත් සමග ප‍්‍රහාරය එල්ල වී තිබුණා. කෙසේ වෙතත් ප‍්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිඳු හානියක් සිදුව නැහැ. රැළියට සහභාගී වී සිටි උප ජනාධිපති කෙම්බෝ මොහාඩි සුළු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ දශක 3 ක පාලනය නිම කරමින් පසුගියදා එමර්සන් මන්ගග්වා සිම්බාබ්වේ නව ජනාධිපති ලෙස තේරී පත්වුණා. 

මේ අතර ඉතියෝපියාවේ පැවැති ජන රැළියක් ද ඉලක්ක අද බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අතර එහි ඉලක්කය වූයේ එරට අග‍්‍රාමාත්‍ය අබී අහමඞ්.

(BBC)