Friday, May 3, 2024

General line - 0115112241

මයිකල් ජැක්සන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝකප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගේ පියාවන ජෝ ජැක්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවුණා. 

මයිකල් ජැක්සන් ගේ අභාවයට වසර 09 ක් ගතවී දින 02 කින් පසු ජෝ ජැක්සන් මියගිය බවයි BBC පුවත් සේවය සඳහන් කරනවා. පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජෝ ජැක්සන් කලක් පිඩා විදි ඇති අතර රෝහල් ගත කිරීමෙන් දිනකට පසුව මියගොස් තිබෙනවා.