Wednesday, December 11, 2024

General line - 0115112241

3,800ක් මිය ගිය පසු ඊශ්‍රායල් - හිස්බුල්ලා සටන නවතී




ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර පැවති ගැටුම් නතර කරමින් සටන් විරාමයකට එළඹ ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. 

ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මාස 13ක සටන් අවසන් කිරීමට දෙපාර්ශවය සටන් විරාමයකට එකඟ වී ඇති බවයි. 

එය එරට වේලාවෙන් අද සවස 04 සිට ක්‍රියාත්මක වනු ඇති. 

මෙලෙස දෙපාර්ශවය අතර සටන් විරාමයකට එළඹ ඇත්තේ පුද්ගලයින් 3,823 දෙනෙකුට දිවි අහිමි වීමෙන් පසුවයි.

එහෙත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ හිස්බුල්ලා සංවිධානය එකඟ වූ ගිවිසුමේ යම් කොටසක් කඩ කළහොත් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය පසුබට නොවන බවයි. 

එමෙන්ම දෙපාර්ශවය විසින් දැනට අත්පත් කරගෙන සිටින ප්‍රදේශ නැවත භාර දීමටද නියමිතයි. 

2023 ඔක්තෝම්බර් 7 වන දින හිස්බුල්ලා සංවිධානය, ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම ගැටුම ආරම්භ වුණා. 

මේ දක්වා 15,859 තුවාල ලබා ඇති අතර හිස්බුල්ලා පාලනය පවතින ප්‍රදේශවල පදිංචිකරුවන් මිලියනයක් අවතැන් වී සිටිනවා.