Friday, December 27, 2024

General line - 0115112241

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි නඩු දෙකක් ඉල්ලා අස්කර ගැනේ




අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට ෆෙඩ්රල් අධිකරණයේ පවත්වාගෙන ගිය නඩු දෙකක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. 

අමෙරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුව විසින් එම නඩු ඉල්ලා අස්කරගෙන ඇත්තේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ධූරය හොබවන ජනාධිපතිවරයෙකුට නඩු පැවරීමට නොහැකි වීම යන කරුණ පදනම් කරගෙනයි. 

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීම හේතුවෙන් අදාළ නඩු පවත්වාගෙන යාමට නොහැකි බවයි එරට ෆෙඩ්රල් අධිකරණය තීරණය කර ඇත්තේ.

2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැඳීම සහ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු ආණ්ඩුවේ රහස් ලේඛන තමන් සතුව තබා ගැනීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අදාළ නඩු පවරා තිබුණා.