ඝාතනයකට වරදකරු වූ තිදරු පියෙකුට ගම්පහ මහාධිකරණය විසින් අද මරණ දඩුවම නියම කෙරුණා. ඒ, මීට වසර 22 කට පෙර නිට්ටඹුව, හක්ගල්ල ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන්. මරණ දඩුවමට නියම වු පුද්ගලයාගේ බිරිද සහ පුත‍්‍රයා එම නඩුවෙන් මහාධිකරණ විනිසුරුවරයා නිදොස්කොට නිදහස් කළා. මරණකරු සහ මරණ දඩුවම නියම වූ පුද්ගලයා ළගම ඥාතීන් වනවා.