ලංකා විදුලිබල මණ්ඩලයේ නුපුහුණු විදුලි කාර්මික ශිල්පීන් බදවා ගැනීම සදහා පැමිණි පිරිසකට රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ලබාදී ඇති ලේඛණයක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදින්ගේ සංගමය අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදි අදහස් පළ කෙරුණා. මේ, ඊට එක්වූ එම සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ රජික කොඩිතුවක්කු.
"එක්සත් ජාතික පක්ෂයෙන් රටට සිදුවූ සේවය සහ ශ්‍රී ලංකා විදුලිබල පද්ධතියේ විකාශය සහ විදුලිබල මණ්ඩලය" යන මාතෘකා දෙක යටතේ රචනා දෙකක් ලියන මෙන් එම නුපුහුණු කාර්මික ශිල්පීන්ට දන්වා ඇති බවයි එහිදී ඔහු හෙළි කලේ.