රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැඩි විරෝධයක් පළ කරනවා.
එක්සත් ජාතික පක්ෂයේද සාමාජිකාවක් වන ඇය සම්බන්ධයෙන් පියවර ගැනීම එම පක්ෂය සතු වගකීමක් බවයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ.
දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් නෙත් නිවුස් වෙත කියා සිටියේ ඇයගේ ප‍්‍රකායෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝය වන බවයි.
හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් කියා සිටියේ රට තුළ භීතියක් ඇති කර දේශපාලන අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට උත්සහ දැරීම කණගාටුවට කරුණක් බවයි.
මේ අතර විජයකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව ඇති බවයි නීතිවේදීන් පවසන්නේ.