Tuesday, May 14, 2024

General line - 0115112241

පාපන්දුවෙන් එංගලන්තය ජය ලබද්දී මව් රටේදීම ක‍්‍රිකට් පරාජයක්

තරංග රුක්ෂාන් ජයසේකර




පාපන්දු ලෝක කුසලානයේදී විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කර ගනිද්දී එංගලන්තයට සිය මවුරටේදීම අමිහිරි කි‍්‍රකට් පරාජයක අත්දැකීමක් විඳ ගැනීමට සිදුවුණා. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 තරගයේදීය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට රැස්කර ගත හැකිවූයේ ලකුණු 159ක් පමණයි. කඩුළු 02ක් පමණක් දැවී ඉන්දියාව එම ඉලක්කය පසු කර ගියා. කේ එල් රාහුල් පන්දු 54කදී නොදැවී ලකුණු 101යි. ලකුණු 24කට කඩුළු 05ක් බිඳ හෙලූ ඉන්දියාවේ කුල්දීප් යාදව් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.