Tuesday, May 14, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොටුපල ශ්‍රී ලංකා ඉන්දියා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වෙයි?

සජිත් තිලකරත්න




මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් අද දිනයේ ඉන්දීය රජය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. එය සාර්ථක වුවහොත් මත්තල ගුවන් තොටුපල ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප‍්‍රශ්න වාරයේදී නැගුනු ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මේ බව කියා සිටියා.