Tuesday, May 14, 2024

General line - 0115112241

ගෝඨාභයගේ ඇවන් ගාඩ් නඩුවට තහනම් නියෝගයක්




 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇවන්ට් ගාර්ඩ් ගණුදෙනුවට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අත් හිටුවමින් අභියාචනාධිකරණය අද (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම නියෝගය අභියාචනාධිකරණයේදී පවතින ප්‍රතිශෝධන පෙත්සමේ විභාගය අවසන් වන තුරු බල පැවැත්වෙනු ඇති .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණයේ ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා අල්ලස් පනතේ නොපවතින පනතක් උපයෝගී කර ගෙන නඩු තීන්දුවක් ලබා දී ඇති බවට අභියාචනාධිකරණය නිගමනය කළා.

ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට  රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට වන  චොදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනයේ නඩු පවරා තිබුණා. 

අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතියකින් තොරව මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සමෙන් පවසා ඇත .

අද දින මෙම පෙත්සම විනිසුරු අචල වෙන්ගප්පුලි  සහ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැදවන ලදී.

ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ  නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික විරොධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය  ලබා දුන් තීන්දු අත් හිටුවන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ මෙම  ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටියා.