කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා මේ මස 18 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් තිස්සමහාරාම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් යළි අධිකරණයට ඉදිරිපත් කරන ලබන 18 වනදාට මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප‍්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත් ඒ ඒ සී ලක්ෂ්මන් එහිදී පොලිසියට නියෝග කළේ. ඉකුත් ජූනි මස 12 වනදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමි නමක් තුවාල ලැබුවා.