Thursday, May 2, 2024

General line - 0115112241

විජයකලා ඇමතිවරිය අසනීපයෙන්: මාව මුණගැහෙන්න කියා දැනුම් දුන්නා - අගමැති

සජිත් තිලකරත්න




ආණ්ඩුවේත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය හැටියට මම කියන්න කැමති අපි සෑම වෙලේම මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරනවා, ඒ වගේම මේ වන විට එල්ටිටිඊ පක්ෂය තහනම් කරලා තියනවා. තහනම් කළ එම සංවිධානය යලි ඇති කරන්න උමවමනා නැහැ. එම පදනම මත සිට අපි ඉදිරියට කටයුතු කරනවා යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) ප්‍රකාශ කර සිටියා.  

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යාපනයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමක් සිදුකළා.

 විජයකලා ඇමතිවරියගේ ප්‍රකාශය පිළිබඳව දැනගත් විගස තමා ඒ ගැන සොයා බැලු බවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් යාපනයේ සිටින විජයකලා ඇමැතිවරියට අද (04) පැමිණ තමන් මුණ ගැහෙන්නයි දැන්වූ බවයි මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ. 

එමෙන්ම අමාත්‍යවරිය හමුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව ගන්නා ක්‍රියා මාර්ග දේශපාලන කමිටුව රැස්වී කතා කල බවද මෙහිදී අගමැතිවරයා කියා සිටියා.

අපේ කවුරුන් හෝ ප්‍රකාශයක් සිදුකරලා තිබෙනවානම් පටහැනිව ඒ ගැන අපි සොයා බලනවා. ඒ වගේම රට වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය විශාල මෙහෙයක් සිදුකළා මේ රට ආරක්ෂා කරගන්න. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ, නිදහස් පක්ෂයේ සහ දමිල පක්ෂවල අය එල්ටිටිඊය විසින් ඝාතනය කලත් අපි සියලු දෙනාම ඉන්නේ එකම මුලධර්මයක බවයි මෙහිදී අගමැතිවරයා කියා සිටියේ.

එල්ටිටිඊ වගේ සංවිධානයකට අවශ්‍ය බෝම්බ දාන්න විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව අකර්මන්‍ය කරන්න. පොලිස් නිලධාරින් 600 ක් ඝාතනය කරපු කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා පක්ෂයේ උප සභාපති කළා නම් ජන්දය දිනන්න ප්‍රභාකරන්ට මුදල් දීලා අද මෙතන ඇවිත් මේ ගැන කතා කරනවා යනුවෙන් අගමැතිවරයා කියා සිටියා.