Friday, May 3, 2024

General line - 0115112241

විජයකලා ඉල්ලා අස්වෙයි

දිනුක් හේවාවිතාරණ




පසුගියදා වේදිකාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙනවා. 

මේ සම්බන්ධයෙන් nethnews.lk රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ තමා දරණ අමාත්‍ය ධූරය පිළිබඳව අද හෝ හෙට තීරණයක් ගන්නා බවයි.

මේ අතර රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ විජයකලා මහේෂ්වරන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.

එල්. ටී. ටී. ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් සිදු කළ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සමාජයේ දැඩි කතාබහක් මතු කළා.

ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබූ අතර ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ඉන් බොහෝ දෙනෙක් සඳහන් කළේ.