Sunday, December 22, 2024

General line - 0115112241

ඇලෝසියස්ගේ පියා ඇතුළු හත් දෙනෙකුට විදේශගතවිම තහනම්




පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙකුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවිම වළක්වාලමින් අද නියෝගයක් නිකුත් කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.

මෙම පුද්ගලයින් මූල්‍ය නීති යටතේ සැකකරුවන් ලෙස නම් කර ඔවුන්ට අපරාධ චෝදනා ගොණුකළ හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව කියාසිටියා. ඒ අනුව ඔවුන්ට විදේශගතවීම තහනම් කරන ලෙසයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිිටියේ. ඒ බව සලකා බලමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉහත නියෝගය නිකුත් කළා.

මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගත කරන සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි මෙහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ. 

මේ අතර පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවමින් පනවා තිබූ තහනම තවත් මාස 6 කට දීර්ඝ කර තිබෙනවා. ඒ, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්. ලියාපදිංචි ස්කන්ද හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව සිදු කෙරෙන විමර්ශන තවදුරටත් සිදුකරගෙන යාම සදහා මෙම තීරණය ගත් බව ශී‍්‍ර ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.