Tuesday, May 14, 2024

General line - 0115112241

රවී කරුණානායකගේ සේවකයකුට මෙන්ඩිස් සමාගමෙන් ලක්ෂ 50ක චෙක්පතක්




පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට අයත් සමාගමක සේවකයෙකුට ලබාදුන් බව කියන චෙක් පතක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (05) අනාවරණ වුණා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ පැවසුවේ මෙම චෙක්පතෙහි වටිනාකම රුපියල් මිලියන 5 ක් පමණ බවයි.

අදාළ ගණුදෙණුව සිදුව ඇත්තේ ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් විසින් විමර්ශන සිදුකෙරුණු වකවානුවේදී බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම ගණුදෙනුවට අදාළ වව්චර් පතද ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් අස්ථානගත වී ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියේ. කෙසේවෙතත් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිට නීතීඥවරයා පැවසුවේ මෙවැනි චෙක්පත් ගණූදෙනුවක් සිදුව නොමැති බවයි.