Tuesday, May 14, 2024

General line - 0115112241

ජාතික විගණන පනත සම්මතයි

සජිත් තිලකරත්න




ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම පනත සංශෝධන සහිතව සම්මත කෙරුණු බවයි නෙත් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

ජාතික විගණන පනත නමින් සම්මත කෙරෙන්නේ අද විවාදයට ගැනෙන කෙටුම්පතම නම් අපේක්‍ෂිත ප‍්‍රතිඵල එයින් අත් නොවුනු ඇතිබවයි එම කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ.

ජාතික විගණන පනත ගෙනආ යුත්තේ හොරු ඇල්ලීමට නොව පරිපාලනය වඩා කාර්යක්‍ෂම කිරීමට බවයි විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා පැවසුවේ. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පැවසුවේ විධිමත් විගණනයක් මගින් රටට වඩා යහපත් ප‍්‍රතිඵල ලබාගත හැකි බවයි. 

ජාතික විගණන පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත වුණා. මෙම කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේදී වෙනත් කරුණු කිහිපයක් පිළිබදවද අවධානය යොමුවීම විශේෂත්වයක්. රට හිට්ලර් පාලනයකට නතුවීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා එහිදී කියාසිටියා.