Wednesday, May 15, 2024

General line - 0115112241

අලාභවූ ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අරන් දුන්නත් යශෝධගේ නඩුව නිමා නොවෙයි

ජූඩ් සමන්ත




රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර විසින් හලාවත බංගදෙණිය, කෝට්ටපිටිය මංසන්ධියේදී රිය අනතුරක් සිදුකර නිවසකට අලාභ සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන 24 වනදා නැවත කැදවීමට අද (05) නියෝග කෙරුණා. ඒ, එම නඩුව හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැදවන ලද අවස්ථාවේදීයි.

අනතුරෙන් අදාළ නිවසේ තිබී හානි වූ බව කියන ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ මේ වනවිටත් යළි ලබාදී ඇතැයි සැකකාර යශෝධ රංගේ බණ්ඩාර වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා මෙහිදි කියාසිටියා. නිවසේ අලූත්වැඩියාවන්ද බොහෝ දුරට අවසන් කර තිබෙන බවයි නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ. අදාළ අනතුර ඉකුත් මස 6 වනදා සිදුව තිබෙනවා.