Tuesday, May 14, 2024

General line - 0115112241

උතුරේ කලූ කොටි සැමරුම ගැන පොලිස් විමර්ශන

දිනසේන රතුගමගේ - වවුනියාව/ මාධව කුලසුරිය




උතුරු පළාතේ ස්ථාන කිහිපයක ඊයේ (05) කෙරුණු නීතිවිරෝධී කලූ කොටි සැමරුම් පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා. කෙසේවෙතත් සැකකරුවන් කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

කිලිනොච්චිය අක්කරායන්කුලම් සහ ස්කන්ධපුරම් ඇතුළු ප‍්‍රදේශ කිහිපයකම ඊයේ මියගිය කළු කොටි සමරා ඔවුන්ගේ ඡායාරූප ඉදිරිපිට පහන් දැල්වීමට ඇතැම් අය කටයුතු කර තිබෙනවා. එම ප‍්‍රදේශවල ප‍්‍රධාන මාර්ග මත එල්ටීටීඊ ලාංඡනය සහ ඊළාම් සිතියමද ඇද තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

එල් ටී ටී ඊ සංවිධානය විසින් 1987 වසරේ ජුලි මස 5 වනදා පළමු මරාගෙන මැරෙන ප‍්‍රහාරය සිදු කළා. ඒ, යුද හමුදා ට‍්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින්. එම ප‍්‍රහාරය සිහි කරමිනුයි එල් ටී ටී ඊ සංවිධානය සෑම වසරකම ජුලි මස 5 වනදා කළු කොටි දිනය ලෙස සැමරීම ආරම්භ කළේ.